අගමැති දෙවැනි වරටත් තිරුපති වන්දනාවේ
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉන්දියාවේ තිරුපති දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්වී තිබේ.
ඊයේ (02දා) ඉන්දියාවේ චෙන්නායි නුවරට ගොස් ඇති අග්රාමාත්යවරයා අද පෙරවරුවේ එහි ආගමික වතාවත් සඳහා එක්ව තිබේ.
අග්රාමාත්ය බිරිය වන මෛත්රී වික්රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.
අග්රාමාත්ය තනතුරට පත්වීමෙන් පසුව 2016 වසරේදී හා මේ අවස්ථාවේදී අගමැතිවරයා තිරුපති වන්දනාව සඳහා එක්ව තිබේ.
තිරුපති දේවාලයේ ඉහළම පූජකයන් විසින් අග්රාමාත්යවරයා පිළිගෙන තිබේ.
නිව් ඉන්දියන් එක්ස්ප්රස් ඇසුරෙනි

popular news
-
Champa Friday, 03 August 2018 11:57 PM
පව් අනේ. හැමදාම විරෝධතා රැළියක් ආවොත් රනිල් දුවනවා තිරුපති දෙය්යෝ ගාවට. විමල් වැඩිය ලොකු එකකුත් නෙමෙයි කලේ. ඊට පහුවෙනිදම නැත්නම් එදා රෑම රනිල් දුවල තිරුපති දේවාලෙට. කලින් කතරගමත් ගියා. ඒ දවස්වල රනිල්ලා හරියට හිනා වුනාලු මහින්ද තිරුපති යනව කියලා. දැන් රනිලුත් ඒකම කරන්නේ ඇයි කියලා කවුරුවත් අහන්නේ නැත්තේ ඇයි දන්නෑ නේද?
Reply : 0 0
rocky Sunday, 05 August 2018 07:47 AM
හත්වලාමේ, මෙහෙ ඉන්න දෙවිවරුන් මදිද? තිරුපති කෝවිලේ ඉන්නේ සුපිරි දෙවි කෙනෙක්ද ? අපලයක් තියනවනම් ඔය වශී ගුරෙකුට කියලා අර හිටපු ජනාධිපත් තුමා වගේ, අත ගගා ඉන්න වශී බෝලයක් වත් ජප කරවා ගත්ත නම් මදිද අගමැති තුමෝ ? එහෙමත් නැත්නම් අර මර්වින් සිල්වා මහත්තයාගේ අනුග්රහය ලැබෙනවා කියන කැලණියේ විෂ්ණු කෝවිල වත් ටෙස්ට් කරලා බලන්න තිබුනනේ ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

