සිංගප්පුරුවේ රැඳී සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එහි මේ දිනවල රැඳී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි පැමිණෙන විට කැඳවාගෙන එනතෙක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගුවන් තොටුපලේ මග බලන් සිටින බව එකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (10දා) නුවරඑළිය නගරයේ ඒකාබද්ධ විපක්ෂ කාර්යයාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් පවා නොතිබුණු සිංගප්පුරු ජාතික අග්‍රාමාත්‍යවරයාගේ හිතවතෙකු වන අර්ජුන මහෙන්ද්‍රන් මහතාට මේ රටේ මහ බැංකුවේ අධිපතිකම ලබා දුන් බව සී.බී.රත්නායක මහතා මෙහිදී කියා සිටියේය.
හැටන් රන්ජිත් රාජපක්ෂ