අගමැති ඉරිදා සිංගප්පූරුවට
සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (08දා) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ දී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ගරු ලී ශින් ලූං, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ගරු තර්මන් ෂන්මුගරත්නම්, සිංගප්පූරු හිටපු අග්‍රාමාත්‍ය හා ගෝ චොක් ටොන් යන මහත්වරු ඇතුළු සිංගප්පූරු ආණ්ඩුවේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවනු ඇත.
ජුලි 9 වන දා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේ දී “නාගරික සංවර්ධනය සහ පරිසරය සුරැකීම” මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනුයේ ද වික්‍රමසිංහ මහතාය.

popular news
-
කපිල Friday, 06 July 2018 10:24 PM
මෙසැරේ මොන මගුලක් අත්සන් කරලා එයිද කවුද දන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

