ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, 14 වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස, ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත්කර තිබේ.
රොහාන් වැලිවිට මහතා,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් ඊයේ 18 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාර හා ප්රවෘත්ති අධ්යක්ෂ ධූරයේ කටයුතු කරනු ලැබූ ප්‍රවීන මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා 2000 වර්ෂයේ දී ඉන් ඉවත්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය උපදේශක ධූරයට පත්විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2000 වර්ෂයේ ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ එතුමාගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කරනු ලැබූ රොහාන් වැලිවිට මහතා,මහින්ද රාජපක්ෂ මහතා පළමුවර විපක්ෂ නායක ධූරය දරන කාලයේදී ද එතුමාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබීය.
ඒ මහතා වර්තමාන අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලෙස මේ ඊයේ 18 දින සිට සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු මෙන්ම ගත්කතුවරයෙකු වන රොහාන් වැලිවිට මහතා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.