බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ, නෙළුම් පොකුණ රගහලේ පැවති රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින සහභාගී විය.
අප රටේ ළමා පරපුරේ නිර්මාණ කුසලතාවයන් ඇගයීමේ අරමුණින් ලෝක ළමා දිනයට සමඟාමීව 19 වෙනි රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සංවිධානය කර තිබුණි.
19 වෙනි රාජ්‍ය ළමා චිත්‍ර උළෙල - සමරු ග්‍රන්ථය සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂක තරණි අනෝජා ගමගේ විසින් අගමැති වෙත පිළිගැන්වූවාය.
මෙම උත්සවයට සමඟාමීව වයස් කාණ්ඩ පහක් යටතේ පැවති චිත්‍ර තරගාවලිය ජයග්‍රහණය කළ දූ දරුවන්ට අගමැති අතින් සහතිකපත් හා සම්මාන ප්රදානය කෙරිණි.