පැණිබීම වල පවතින සීනි මත අයකළ බදු අඩුකිරිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ මේ පිළිබඳව තීරණය කිරීම සඳහා දැනුම සහිත කමිටුවක් පත්කරන ලෙසයි.
එතෙක් පැණිබීම කර්මාන්තය සඳහා බදු සහන ලබාදීමේ අවසන් තීන්දු තීරණවලට නොඑළඹෙන ලෙසත් ඔවුන් අග්රාමාත්යරයාගෙන් ඉල්ලා සිටියි.