ක්‍රොඒෂියානු අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙජ් ප්ලෙන්කොවිච්ගේ බිරිඳ කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයාද නිරෝධායනයක් ආරම්භ කර ඇති බව එරට රජය නිවේදනය කරයි.
උණ තත්ත්වයක් සමග අගමැති බිරිඳ ඇනා ඇනා මස්ලැක් ප්ලෙන්කොවිච් සෙනසුරාදා කොවිඩ්-19 ධනාත්මක බව පරීක්ෂා කර ඇත.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා සඳහා පසුව සිදුකළ පරීක්ෂාව සෘණාත්මක වුවත්, වැඩිදුර ආරක්ෂාව සඳහා අගමැතිවරයා දින 10ක නිරෝධායනයකට යොමුව ඇති අතර, ඔහු නිවසේ සිට වැඩ කරන බව රජය නිවේදනය කරයි.
ගෙවීගිය ගිය දිනයේ ක්‍රොඒෂියාවේ නව කොවිඩ්-19 ආසාදිතයන් 3,987ක් හා ඊට සම්බන්ධ මරණ 55ක් වාර්තා වී ඇති බව ක්‍රොඒෂියානු මහජන සෞඛ්‍ය ආයතනය සෙනසුරාදා උදෑසන නිවේදනය කළේය.