යුද හමුදා බුද්ධි අංශයෙන් ලද බුද්ධි තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ සෝල්ටා යන අයවලුන් හට අවි ආයුධ නිෂ්පාදනය කර ලබා දෙන ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 18ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අංගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම, වෑන් රථයක් පැහැර ගැනීම, මංකොල්ලකෑමේ නඩුවක් ඇතුළු වැරදි රාශියකට අධිකරණයෙන් දඬුවම් ලද අයෙක් බව කරුණු අනාවරණය වී ඇත.
මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ” මන්නා රමේෂ්” නැමති පාතාල කල්ලි සාමාජිකයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අවිස්සාවේල්ල, ගුරුගල්ල හංදිය ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.