ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කී ශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට හෙළිව තිබේ.
ඔහුගේ මරණය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී මේ බව හෙළිව ඇති බව ඉන්දීය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරියෙක් සඳහන් කර ඇතැයි හින්දු පුවත් සේවය වාර්තා කරයි.
“වාර්තාවල විෂ හෝ වෙනත් සැක සහිත කරුණු සොයා ගැනීමට නොහැකි වුණා. ” යැයි ඔහු සඳහන් කර තිබේ.
කොයිම්බතූර් හි කුලී නිවසක ලොක්කා සමඟ ජීවත් වූ ශ්‍රී ලංකාවේම අමානි තන්ජි (ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්වූ) නම් කාන්තාව සිය මූලික ප්රකාශයකදී සඳහන් කර තිබුණේ ජූලි 3 වන දින රාත්‍රියේ ඔහුට පපුවේ වේදනාවක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගත කර බවයි. මුලින්ම අසල්වාසීන් දෙදෙනෙක් සමග ඔහුව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කළ බවත් එහිදී ඔහු මිය ගොස් ඇති බව වෛද්‍යවරු සඳහන් කළ බවත් ඇයගේ මූලික ප්‍රකාශයේ දැක්වෙයි.
පසුව ඔහුගේ මෘත ශරීරය දේහය කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාල රෝහලට (සීඑම්එච්එච්) ගෙන යන ලදී.
ශ්‍රී ලංකාවෙන් පළා ගිය අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර් හි ජීවත් වී ඇත්තේ ප්‍රදීප් සිං යන නමිනි. ඒ නමින් පෙනී සිටීම සඳහා ඔහුට ආධාර උපකාර බව කියන නීතිඥවරියකද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එසේම මේ සඳහා තවත් ඉන්දීය ජාතිකයෙක්ද අත්අඩංගුවට පත්විය.
මෙම තිදෙනා එක්ව අංගොඩ ලොක්කාගේ දේහය කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාල රෝහලේ සිට පසුගිය ජුලි 05දා මදුරෙයි වෙත ගොනගොස් ආදාහනය කර තිබේ.
එසේම අංගොඩ ලොක්කා සන්තකයේ තිබූ බව කියන තුවක්කවක් තවත් ශ්‍රී ලාංකිකයෙකුට භාර දී ඇති අත එම පුද්ගලයා සෙයා ඉන්දීය පොලීසිය මේ වන විට විමර්ශන ආරමභ කර තිබේ.