ඉන්දියාවේදී විෂ ශරීර ගත කොට ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉන්දීය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන සිවුදෙනෙකුට කොවිඩ් ආසාදනව වී තිබේ.
ඒ අනුව එම විමර්ශනය සිදුකරන විශේෂ කණ්ඩායම් හතකට අනුයුක්ත පොලිස් නිලධාරීන් 30 කට වැඩි පිරිසකට සතියක කාලයක් ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස දැනුම් දී තිබේ.
ඒ දක්වා කොයිම්බතූර්හි උප්ලිපිලයම් හි අපරාධ විමර්ශන කාර්යාලය වසා දමා එය විෂබීජහරණය කිරීමටත් කටයුතු අරම්භ කර තිබේ.
මේ අනුව අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු ප්‍රමාද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුන ශ්‍රී ලංකා ජාතික කාන්තාව ඇතුළු තිදෙනා තවදුරටත් අධිකරණ භාරකරත්වය යටතේ තබාගැනිමට දීරණය කර තිබේ.
ඔවුන් අතරින් අත්අඩංගුවට පත් ඉන්දීය ජාතික සිවකුමාර් සුන්දරී නැමැති නීතිඥවරයි ගොනු කළ ඇප අයදුම් පෙත්සම හෙට (19දා) දිනයේදි විභාගයට ගැනීමටද නියමිතව තිබේ.