2012 වසරේදී රුපියල් 50000ක අල්ලසක් ලබාගැනීම හේතුවෙන් වරදකරු වූ අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් හනීෆා මොහොමඩ් නියාස්ට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19දා) නියම කළේය. වරදකරුට රුපියල් 55000ක දඬයක්ද නියම කරනු ලැබීය.
ගල්වලක් පවත්වාගෙන යෑම සඳහා අකුරුණ ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කරන බලපත්‍රය වෙනුවෙන් හා ඉදිරියටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කර දීමේ පදනමින් මෙම රුපියල් 50000ක අල්ලස ලබාගෙන ඇත.