මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨායෙන් අද 17 වනදා අලුතින් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 191 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ග්‍රාම නිලධාරි වසම් දෙකක් මේ වන විටත් හුදකලා කරනු ලැබ ඇති අතර එම වසම දෙක තව දුරටත් හුදකලා කර ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.
මහනුවර මොහොමඩ් ආසික්