අකිලගේ මැදිහත් විමෙන් කමිටුවක් පත්කෙරේ
2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(5)අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට උපදෙස් ලබා දි ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාගේ සහාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
එහි සෙසු සාමාජිකයින් වන්නේ පාසල් කටයුතු අධ්යක්ෂ කමණී පෙරේරා මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක මහත්මියයි.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Tuesday, 05 February 2019 06:49 PM
මොකක්ද ඇත්තටම පලවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළු කරන criteria එක? දුර ප්‍රමාණයද තවම? ඒක නම් criteria එක දරුවා පාසලට ඇතුළු වෙන්නෙම හොරෙක් බොරු කාරයෙක් විදිහට. ඒක හරිද? වෙන විදහක් නැත්ද?
Reply : 0 0
Champa Tuesday, 05 February 2019 06:55 PM
ඇත්තටම ඔය දුර ප්‍රමාණය ගැන කියන එක හැර වෙන ක්‍රමයක් ඇත්තෙම නැත්ද පලවෙනි වසරට දරුවන්ව ජාතික පාසල් වලට ඇතුල් කරන්න? මේක ලියන කොට අදහසක් ඔළුවට ආව. දැන් ඕගොල්ලන්ගේ කාලේ ඉවරයිනේ. ඒ හින්ද මගේ පොතේ ලියා ගත්ත ඊළඟ ජනාධිපතිට කියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

