අකිලගෙන් මහින්දට අභියෝගයක්
චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකිනම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරන ලෙස තමන් හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ මහතා එම අදහස් පළ කළේ නැගෙනහිර පළාත්හි සේවයේ නියුතු අනධ්‍යයන සේවකයන් සමග පැවති හමුවකට එක්වෙමිනි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමේ දේශපාලනය කරන ඇතැමුන් හැමවිටම සිටින්නේ වීදුරු ගෙවල්වල බව නොදැන සිටීම කනගාටුදායක තත්ත්වයක බවයි.
මීට අමතරව බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ අරමුදලකට චීන සමාගමක් විසින් කෝටි ගණනක මුදල් ලබා දී ඇති බව හෙළි වී ඇති බවත් ඒවා ව්‍යාපෘති වියදම් ලෙසින් ගණන් බලා රටේ ජනතාවගේ ණය මුදල් ලෙස අය කර ගෙන ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
මෙවැනි වංචාවන් දූෂණ සහ අපරාධයන් වසා ගැනීම සඳහා ආගම්වාදය සහ ජාතිවාදය වපුරමින් කටයුතු කරන කණ්ඩායම්වලට ජනතාව විසින් ඉදිරියේ දී නිසි පිළිතුරු ලබා දෙනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
kuma Monday, 09 July 2018 08:42 PM
මේ අභියෝග කවුද ගණන් ගන්නේ
Reply : 0 0
chathuri Monday, 09 July 2018 08:53 PM
විවාද කරන්නේ නැතිව වැරදි කරලනම් අත්අඩංගුවට. ගන්න. සේරටම එකම නිතිය. නායකකමින් ඉන්නකොටවැටුප් , රජසැප නොමිලේ ලැබුණා. ඒ අතරේ.නීති විරෝධි වැඩ.කරලා ජනපති , අගමැති , ඇමතිවරු. මේ කට්ටිය ප්‍රසිද්දියේ කියනවා. මහින්ද පරමම්පරව හොරකම් අල්ලස් ගත්හැටි. කිසිම දඩුවමක් නැහැ. ඇයි එහෙම කරන්න හේතුව. අල්ලස් ගත් ලොකු නිලධාරී හිර බත් කනවද. මේ කට්ටිය නිදැල්ලේ මේවා හරිම අසාධාරණයි. ජනතා මුදල් නැති නාස්ති කෙරුව. නමුත් චන්ඩිවගේ කතා කරමින් නැවත බලයට එන්න යනවා. සියලුම ලක්වැසියන්ට ජිනිවා යන්න වෙයි. දුක කියන්න මුන්ව අත් අඩංගුවට ගන්න කියන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

