ශ්රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමු විය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, ජපන් තානාපති අකිරා සුගියාමා, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අකාෂි මහතා ඊයේ ශ්රී ලංකා රත්න සම්මානයෙන්ද පිදුම් ලැබීය.