මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ජාතික සම්මාන උලෙළ 2019” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත්‍ර වූයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන් ම දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී ලාංකිකයන් ය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපති අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.
ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප්රදානය කෙරෙන ශ්‍රී ලංකා රත්න සම්මානයෙන් ජපන් ජාතික යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය.
ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් දේශමාන්‍ය සම්මාන 06ක් පිරිනැමුණු අතර අජිත ද සොයිසා, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මෙරිල් ජෝෂප් ප්‍රනාන්දු, මොරගොඩගේ ක්‍රිස්ටෝපර් වෝල්ටර් පින්ටෝ, මහාචාර්ය මොහාන් මුණසිංහ, ආචාර්ය සුරත් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් සම්මාන පිරිනැමිණි.
මීට අමතර ව දේශබන්දු සම්මාන 10ක්, විද්‍යාජෝති සම්මාන 06ක්, කලාකීර්ති සම්මාන 09 ක්, ශ්‍රී ලංකා ශිඛාමණි සම්මාන 08ක්, විද්‍යා නිධි සම්මාන 03ක්, කලාශූරි සම්මාන 11ක්, ශ්‍රී ලංකා තිලක සම්මාන 11ක්, වීර ප්‍රතාප සම්මාන 02ක්, ශ්‍රී ලංකා රංජන සම්මාන 03ක් ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.
දේශමාන්‍ය
1. අජිත ද සොයිසා මහතා
2. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා
3. මෙරිල් ජොශප් ප්‍රනාන්දු මහතා
4. මොරගොඩගේ ක්‍රිස්ටෝපර් වොල්ටර් පින්ටෝ මහතා
5. මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
6. ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා
ශ්‍රී ලංකා රත්න
7. යසුසි අකාෂි මහතා
දේශබන්දු
8. අනුර පුංචිබණ්ඩා තෙන්නකෝන් මහතා
9. ඇන්ස්ලම් බොනිෆස් පෙරේරා මහතා
10. මහාචාර්ය ජයසූරිය මුදියන්සේලාගේ රාජා සරත් බණ්ඩාර මහතා
11. මහාචාර්ය දිසානායක මුදියන්සේලාගේ ශ්‍රී ශාන්ති ලක්ෂ්මන් දිසානායක මහතා
12. ආචාර්ය නිමල් එබනීසර් හේරත් සඳරත්න මහතා
13. මහාචාර්ය මුතුකුඩආරච්චිගේ දෝන ශිරෝමා ජීවා ශිරාජානි නිරිඇල්ල
14. මොහොමඞ් රුවෙයිස් ලතීෆ් මහතා
15. රොබෝසිංහ ආරච්චිගේ සුගත් තිලකරත්න මහතා
16. ආචාර්ය විජේතුංග කරුණාරත්න එඩිවින් ආරියදාස
17. මහාචාර්ය විමල් දිසානායක
විද්‍යා ජෝති
18. මහාචාර්ය අර්ජුන ප්රියදර්ශින් ද සිල්වා
19. වෛද්‍ය නම්බුනාම නානායක්කාර අක්මීමන පල්ලියගුරුගේ බන්දුල චන්ද්‍රනාත් විජේසිරිවර්ධන
20. වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද
21. මහාචාර්ය වජිර හර්ෂදේව වීරබද්දන දිසානායක
22. මහාචාර්ය සෙරෝෂා මන්දික විජේරත්න
23. මහාචාර්ය හිතනාදුර අසිත ද සිල්වා
කලාකීර්ති
24. ජෙරොම් ලක්ෂ්මන් ද සිල්වා
25. නවරත්න රවිබන්දු විද්‍යාපති මහතා
26. පැටිකිරිගේ සතිස්චන්ද්‍ර වෙදසිංහ මහතා
27. මහගම්ආරච්චිගේ ජයන්ත චන්ද්‍රසිරි මහතා
28. රණවීරආරච්චිලාගේ ආරියවංශ රණවීර මහතා
29. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ
30. වැවගේ අනෝජා කාන්ති ඩෙබ් වීරසිංහ මහත්මිය
31. ආචාර්ය හපුතන්ත්‍රීගේ ලීලාරත්න ලීල් ගුණසේකර
32. ආචාර්ය හෙට්ටිආරච්චිගේ කරුණාරත්න
ශ්‍රී ලංකා ශිඛාමණී
33. වෛද්‍ය අනිල් අබේවික්‍රම
34. වෛද්‍ය අනුලා විජේසුන්දර
35. ජම්මගලගේ ඩයන් ගෝමස් මහතා
36. වෛද්‍ය ටාරා දී මෙල්
37. දිනේෂ් ස්ටීවන් වීරක්කොඩි මහතා
38. මහාචාර්ය ලක්ෂ්මන් රවීන්ද්‍ර වටවල
39. ආචාර්ය ලොයිඞ් ප්‍රනාන්දු
40. වෛද්‍ය විමල් කරඳගොඩ
විද්‍යා නිධි
41. වෛද්‍ය ජොයෙල් අරුඞ්චේල්වම්
42. මහාචාර්ය මංගලා ගුණතිලක
43. වෛද්‍ය මොහොමඞ් සකාෆ් මොහොමඞ් රිස්නි
කලා ශූරී
44. එරික් ඉලයප්ආරච්චි මහතා
45. ආචාර්ය කදිරෙසු රදීදරන්
46. කිරිබණ්ඩා මහින්ද දිසානායක මහතා
47. කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා මහතා
48. මහාචාර්ය පණ්ඩිත මුදියන්සේලාගේ කරුණාරත්න බණ්ඩාර
49. ප්රංගිගේ ආනන්ද කිත්සිරි දාබරේ මහතා
50. මහාමද්දුමගේ හේමප්රිය කළණි පෙරේරා මහතා
51. මහින්ද චන්ද්‍රසේකර මහතා
52. විජේරත්න සමරසේකර ඉන්දිකා උපමාලි මහත්මිය
53. විජේසිංහ ආරච්චිලාගේ කරුණාසිරි විජේසිංහ මහතා
54. සුමනආලෝක බණ්ඩාර මහතා
ශ්‍රී ලංකා තිලක
55. ජයන්ති කුරුඋතුම්පාල මෙනවිය
56. තම්බයියා පේරින්පනායගම් මහතා
57. පෙරදොරපගේ ලලිතා පද්මිණි මහත්මිය
58. පොනම්බලම් යමුනාදේවී මෙනවිය
59. මහින්දදාස වික්‍රමනායක කරුණාරත්න මහතා
60. මහින්ද මඩියහේවා මහතා
61. මෙයියන් වාමදේවන් මහතා
62. වන්නකුවත්තවඩුගේ දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු මහතා
63. වැලිවිට ලියනාආරච්චිලාගේ ප්‍රේමසිරි වැලිවිට මහතා
64. සමන්ත සතිස්චන්ද්‍ර වන්නිආරච්චි කුමාරසිංහ මහතා
65. සිංහාරාගේ සරත් චන්ද්‍ර ද සිල්වා මහතා
වීර ප්‍රතාප
66. මොරදෙණියලාගේ එරංග විකුම්සිරි මහතා
67. හීර`ඵ මොහොට්ටලලාගේ කිර්තී බණ්ඩාර පද්මසිරි මහතා
ශ්‍රී ලංකා රන්ජන
68. වෛද්‍ය කුමාරස්වාමි සිවදාසන්
69. වෛද්‍ය ඬේවිඞ් ඇලෙක්සැන්ඩර් යන්ග්
70. මහාචාර්ය ශ්‍රීමත් සභාරත්නම් අරුල්කුමාරන්