අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ( 2018) විභාගයේ විභාග සහතික හෙට (1) සිට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉදිරිපත් කිරීම සඳහා මෙවර විභාගයේ ප්‍රතිඵල අඩංගු සහතික පත්‍ර අද සිට ලබාගත හැකි බවද සනත් පූජිත මහතා පැවසීය.
විභාග සහතික සාමාන්‍ය සේවය යටතේ හෝ එක්දින සේවය යටතේ ලබාගත හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
ඕනෑම වර්ෂයක විභාග ප්‍රතිඵල සහතිකයක් එක්දින සේවය යටතේ ලබාදීම සඳහා රුපියල් 600 මුදලක් අයකරන අතර එහි පිටපතක් ලබාදීම සඳහා තවත් රුපියල් 350ක අමතර මුදලක් ගෙවිය යුතුය.