2016 අයවැය යෝජනා අනුව එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සඳහා වූ සංශෝධන ක්‍රියාත්මක වීම, එම සංශෝධන පනත් පාර්ලිමේන්තුවේ සම්මත වන තුරු අත්හිටුවා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එසේ වුවද, ජීවන වියදම කෙරෙහි ඇතිවන බලපෑම සැලකිල්ලට ගෙන තොග හා සිල්ලර වෙළෙඳාම මත, එකතු කළ අගය මත බදු ගෙවීමේදී නිදහස් භාණ්ඩ සැපයීම මත පනවා තිබූ සීමා කිරීම 2016.01.01 වැනි දින සිට ඉවත් කරනලද බවත් මුදල් අමාත්‍යාංශය කියයි.