එකතු කළ අගය මත බදු සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ජුලි මස 20 දින විවාදයට ගැනීමට නියම කරගෙන ඇතැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා විසින් එකතු කළ අගය මත බදු (සංශෝධන ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
එහිදී මුදල් අමාත්‍යවරය විසින් පනත් කෙටුම්පත විවදයට ගන්නේ කවදාදැයි විමසා සිටියේ ය. පක්ෂ නායක රැස්වීමේ දී ලබන 20 දින විවාදයට ගැනීමට නියම කරගත් බවසභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට දැනුම් දුන්නේ ය.