එකතු කළ අගය මත බද්ද සීමිත කාලසීමාවක් සඳහා අයකරන බව මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතා පැවැසීය. වැට් පනත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම නව වැට් බදු පනතින් සෞඛ්‍ය හා නිවාස ක්ෂේත්රය බද්දෙන් නිදහස් කළ බවත් ඒ වෙනුවට දුම්කොළ බදු හා තැපැල් සේවා සඳහා බදු අයකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වැට් බදු හඳුන්වාදෙමින් රජය මුලදී වසරකට රුපියල් කෝටි 1000ක ආදායමක් අපේක්ෂා කළ බවද අමාත්‍යවරයා පැවැසිය.