එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘ලේක් ඊරි’ නෞකාවෙන් පැමිණි නාවිකයන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකායට අයත් නාවිකයන් සමග එක්ව අද (14දා) ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල නිරත විය.
මේ අනුව නාවික මැරීන් බළකායට අයත් නාවිකයන්12ක් සහ එක්සත් ජනපද නාවිකයන් 33 දෙනෙකු සමග එක්ව ගාල්ල හිනිදුම මල්ලිකා නවෝද්‍යා පාසල පිරිසිදු කිරීම ද, මැරීන් නාවිකයන් 41 දෙනෙකු සහ එක්සත් ජනපද නාවිකයන් 136 දෙනෙකු සමග මාතර ඇළ මාර්ග හා ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීමද, මැරීන් නාවිකයන්11 දෙනෙකු සහ එක්සත් ජනපද නාවිකයන් 31 දෙනෙකු සමග කළුතර, බුලත්සිංහල ප්‍රදේශයේ ළිං 35ක් පිරිසිදු කිරීමද සිදුකෙරිණි.
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘ලේක් ඊරි’ නෞකාව දෙසතියක පශ්චාත් ආපදා සහන සැලසීමේ ක්‍රියාන්විතයක් සඳහා පසුගිය (ජුනි 11) කොළඹ වරායට පැමිණි අතර, ඉදිරි දින කිහිපය තුළද ඔවුන් ආපදාවට ලක් වූ ප්‍රදේශවල සහන කටයුතුවල නිරත වීමට නියමිතය.