UN නව මහලේකම් නිල වශයෙන් පත්කර ගැනේ
- 13 10 2016
- 20:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
අන්තෝනියෝ ගුටාරෙස් එක්සත් ජාතීන්ගේ නව මහ ලේකම්වරයා ලෙස නිල වශයෙන් පත්කරගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද (13දා) කටයුතු කර තිබේ.
පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වූ ගුටාරෙස් වසර පහක සේවා කාලයක් සඳහා මෙසේ පත්කර ගැනීම සිදුකරනු ලැබුවේ සාමාජික රාජ්‍යයන් 193කින් යුතු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඡන්ද විමසීමෙන් අනතුරුව සිදුවූ සම්මතයෙනි.
ඒ අනුව, හිටපු මහ ලේකම් බැන් කී මූන් සිය ධුරයෙන් ඉවත්ව යනවිට එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට ගුටාරෙස් සිය ධුරයේ කටයුතු කරනු ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
