එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට චෝදනා කරමින් පවසා ඇත්තේ ලොව පුරා පවතින ගැටුම් වැළැක්වීමට එය අපොහොසත් වී ඇති බවයි.
මෙම කවුන්සිලයට පවතින අතිමහත් වගකීම මත දහස් ගණනක් ජීවිත බේරාගැනීමට හැකියාව පැවතියත් එය පැහැර හරිමින් කටයුතු කර ඇති බවට ඇය පවසා ඇත.
මිනිසුන් වේදනාවට පත්වීම හා ලෝක සාමය පළුදුවීම යන කාරණාවන්ට වඩා විවිධ රටවල න්‍යාය පත්‍රයක් නැවත නැවත ඉස්මතු වීමක් දක්නට ලැබෙන බවද ඇය පවසා තිබේ.
කෙසේ වෙතත්, තම වසර 6ක ධුර කාලය අවසන් වීමට දිනක් තිබියදී ඇය මෙම කතාව ප්‍රකාශ කිරීමද විශේෂත්වයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.