එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් හෙට (28දා) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඔහු මාර්තු මස 3දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ජෙෆ්රි මහතා දේශපාලන නායකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමුවීමට නියමිත අතර ඔහු මාර්තු මස 02දා යාපනයේ සංචාරයක නිරතවීමටද නියමිතය.