UNට කරුණු දක්වන්න රියර් අද්මිරාල් සරත් ඒකනායක යයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාවේ රණවිරුවන් හා යුද්ධයට නායකත්වය දුන් දේශපාලන නායකයන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා මාර්තු 12 වැනිදා හා 13 වැනිදා තුළ තමන් ඇතුළු කණ්ඩායමක් ජිනීවා නුවරට යන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (27දා) පැවසීය.
මාර්තු 16 වැනිදා පැවැත්වෙන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සාකච්ඡාවට ගැනෙන බවත්, එහිදී රටට අවශ්‍ය නියෝජනය තමන් ඇතුළු කණ්ඩායම ලබාදෙන බවත් වීරසේකර මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බවත්, කොටි හිතවාදීන් විසින් රණවිරුන්ට විරුද්ධව සිදුකරන අසත්‍ය ප්‍රචාර මැඬපැවැත්වීමට එය අවස්ථාවක් කරගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
'එළිය' සංවිධානය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකයේ තිබූ ත්‍රස්තවාදී සංවිධානය විනාශ කර මෙරටට සාමය ලබා දුන් රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට රැගෙන යෑම සඳහා වත්මන් රජය දීන ලෙස, දුෂ්ට ලෙස හා පහත් ලෙස කටයුතු කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

