කරාපිටිය රෝහලට පිළිකා ආයතනයක් ඉදිකිරීම සඳහා පසුගියදා ආරම්භ කළ Trail (තරණය) පාගමන අද (26දා) ප.ව. 2.00 පමණ වන විට අපේක්ෂිත ඉලක්කයෙන් සියයට 40 ක මුදල් ආධාර එකතුකරගෙන තිබේ.
ඔවුන් ඩොලර් මිලියන 5ක ආධාර උපයා ගැනීම වෙනුවෙන් පාගමන සංවිධානය කර ඇති අතර මේ වන විට ඩොලර් මිලියන 2.09 ක අධාර ලැබි තිබේ.
දින 28ක් පුරා දිවෙන පාගමනේ 21 වැනි දිනය අද ක්රියාත්මක වෙයි. ගාලු මුවදොර සිට මොරටුව දක්වා අද පාගමන ගමන් කරයි. පේදුරුතුඩුවෙන් පාගමන ආරම්භ කළේය.
පේදුරුතුඩුවේ සිට අද දක්වා දින 21ක් ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන හා ඔහුගේ බිරිඳ ක්රිස්ටිනා එක්ව සිටියි. දින කිහිපයකට පසුව සංගාද අද පාගමනට එක්ව සිටියි. එසේම භාතිය හා සංතුෂ්ද අද පාගමට එක්ව සිටිති.
දෙවුන්දර තුඩුවෙන් පාගමන නිමා වීමට නියමිතය.