ඒකාබද්ධ විපක්ෂයේ ටොප්ටෙන් වැඩසටහන සඳහා වැඩිම තොරතුරු ප්‍රමාණයක් ලබාදී ඇත්තේ ආණ්ඩුවේ පුද්ගලයන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16දා) පැවසීය.
මෙම තත්ත්වය තුළ ආණ්ඩුවේ ඇමතිවරුන් සම්බන්ධව විශාල වශයෙන් තොරතුරු ලැබී තිබෙන බවත්,ඒවායේ සියලු තොරතුරු ඉදිරියේදී හෙළිකරන බවත් පැවසූ මන්ත්‍රීවරයා ලබන වසරේදී ජනතාව සමග පාරට බැස ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළ ආරම්භ කරන බවද පවසා සිටියේය.
ඒකාබද්ධ විපකෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.පොරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.