13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීම සඳහා රජය සමග සාකච්ඡාවකට තමන් සූදානම් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සඳහන් කරයි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ද හින්දු පුවත් පත සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවැසුවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරිම සඳහා ද්‍රවිඩ ජාතික සංධානයත් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
මේ සඳහා පිළිතුරු ලබාදෙමින් සම්බන්ධන් පවසන්නේ තමන්ද රජය සමග සාකච්ඡාවට සූදානම් බවත් එ් සඳහා විදෙස් නිරීක්ෂණයක්ද අවශ්‍ය බවයි. රජය ලබාදෙන තහවුරු කිරීම් මොනවාද යන්න එම නිරීක්ෂකයින් දැනගත යුතු බවත් සම්බන්ධන් මහතා පෙන්වා දෙයි.
එසේම ආරක්ෂක බලතල නොමැති වුවත්, නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා පොලිස් බලතල අවශ්‍ය බවත් සම්බන්ධන් මහතා තවදුරටත් පවසයි.
ද හින්දු ඇසුරෙනි