දිවුලපිටිය, හේනේගෙදර ප්ර‘දේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා ආයුධ සන්නද්ධ සැකකරුවන් පිරිසක් අතර අද (28දා) දින දහවල් ඇතිවූ වෙඩි හුවමාරුවකින් එම සැකකරුවන් අතර සිටි අයෙකු මියගොස් ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත. එහි සිටි එක් පුද්ගලයෙකු එම නිලධාරීන්ට වෙඩි තබා ඇත. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊට ප්රතිප්රහාර එල්ලකර ඇත.
එහිදී බරපතළ තුවාල ලැබූ එක් අපරාධකරුවෙකු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
එම අවස්ථාවේ සිටි සැකකරුවන් දෙනෙකු හා වෑන් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. ප්ලාස්ටික් පිස්තෝලයක් සමග පිස්තෝල 2ක් හා අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.