නියමිත සුදුසුකම් සපුරා ඇති පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් රැසකට උසස්වීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ. ඒ අනුව සැරයන් තනතුරේ සිටි 93ක් උප පොලිස් පරීක්ෂක තනතුර දක්වාත්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිටි 84ක් පොලිස් පරීක්ෂක තනතුර දක්වාත් උසස් කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.