ජාත්‍යන්තර ත්රස්තවාදයට මුහුණදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය නවීකරණය කිරීමට නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සැලසුම් කර තිබේ.
මේ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායට නවීන තාක්ෂණය හා විශේෂ පුහුණුවක් ලබාදීමටත් සැලසුම් කර ඇත.
ත්‍රස්තවාදය හා කැරලි මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙරට තුළ ස්ථාපිත කළද, අද වනවිට පොලිස් විශේෂ කාර්ය බළකායට මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට හා සංවිධානාත්මක අපරාධ මැඬලීමේ වගකීමත් පැවරී තිබෙන බවද අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.
තිස් අවුරුදු යුදමය සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදුන් පොලිස් විශේෂ කාර්ය බළකාය ජාත්‍යන්තර ත්‍රස්තවාදයකට මුහුණ දිය හැකි ආකාරයට නවීකරණය කරන බවද ඒ මහතාවැඩිදුරටත් පවසා සිටියේය.