ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ප්‍රදීප් ගුණවර්ධන මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.
රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ (STC) සභාපතිවරයා ලෙස ප්‍රදීප් ගුණවර්ධන මහතා දැනට කටයුතු කරයි.
STC ආයතනයේ කාර්ය සාධනය පසුගිය දශක 4ක කාල පරාසය තුළ විවිධ ගෝලීය හා දේශීය අභියෝගවලට මුහුණ පාමින් පාඩු ලබමින් 2004 වර්ෂය වනවිට වැසී යන ආයතනයක් ලෙස තීරණය කෙරුණත්, 2008 වර්ෂයේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව නව කළමනාකාරීත්වක් යටතේ ප්‍රතිසංවිධානය වූ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව අද වනවිට ඕනෑම පෞද්ගලික වෙළෙඳ ආයතනයක් සමග තරග කළ හැකි ආකාරයේ වඩාත් ශක්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමේදී, සියලු අභියෝගවලට මුහුණ දෙමින් කෙටි කාලයක් තුළ එම ආයතනයේ පැවති ප්‍රතිරූපය යළි ස්ථාපනය කිරීමට ප්‍රදීප් ගුණවර්ධන මහතාට හැකි වී ඇති බව පැවසෙයි.
ඔහු රාජ්‍ය වෙළෙඳාම වෙත නව ව්‍යාපෘති හා නව නිර්මාණ හඳුන්වා දීමට පෙරගමන්කරුවකු වූ බවත්, ඒ යටතේ රාජ්‍ය සේවකයන් සඳහා උපහාර පැකේජය, වෙබ් පාඨශාලා අන්තර්ජාලය අධ්‍යාපන පාඨමාලා, රාජ්‍ය සේවකයන් සඳහා පහසු ගෙවීමේ ක්‍රමයට යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘති හඳුන්වා දී ඇති බවද කියයි. මීට අමතරව දිවයින පුරා වෙළෙඳ ප්රදර්ශනාගාර ආරම්භ කරමින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය වෙළෙඳ සමාගම ලෙස රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව පත් කරලීමටද මෙම ක්‍රියාදාමය තුළ ඒ මහතාට හැකිවී ඇති බව පැවසෙයි.
ප්‍රදීප් ගුණවර්ධන මහතා මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ කොන්සල් ජනරාල්වරයා ලෙසද සේවය කොට තිබේ.