ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා පදනම (Sri Lanka Foundation International) විසින් වසරක් පාසා ඉදිරිපත් කරන Sri Lanka Expo ප්‍රදර්ශනය හා සැණකෙළිය මෙවරත් අනිද්දා (09දා) පැසෙඩීනා නුවර පැසියෝ කොලරාඩෝහිදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබේ.
පදනමේ සභාපති ආචාර්යය වෝල්ටර් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැණකෙළිය පෙ.ව. 10.00ට නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය. නොමිලයේ පැවැත්වෙන මෙම සැණකෙළියට සහභාගී වී ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ආහාර, කලාව මෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ ආගන්තුක සත්කාර විඳින ලෙස සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ පාරම්පරික සංස්කෘතිකාංග රාශියකින් මෙම සැණකෙළිය වර්ණ ගැන්වෙන අතර ගිනිකෙළි සංදර්ශන හා පෙරහරක්ද එයට ඇතුළත්ය. මෙහි ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන අඩංගු ප්රදර්ශනයක්ද සංවිධානය කර තිබේ. වෙනත් වර්ෂවලදී ඉදිරිපත් නොකළ ළමුන් වෙනුවෙන් වෙනමම කලාපයක් (Kids Zone) මෙවර සැණකෙළියට අයත් අතර, එහිදී විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා ළමුන්ට අවස්ථාව ලබා දී තිබෙන බවද සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි. මේ සඳහා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය ලක්සර වෙබ් රේඩියෝව විසින් දක්වනු ලබයි.