රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව බිලියන 04ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව එහි ලාභය රුපියල් බිලියන පහක් දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රාජ්‍ය ඖෂධ නීෂ්පාදන නීතිගත සංස්ථාවේ 30 වැනි සංවත්සරය සැමරීම සදහා වෙන්කර තිබූ මුදලින් කොළඹ ජාතික රෝහලට රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා ශල්‍ය උපකරණ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන මේ වනවිට ලාභ ලබන තත්ත්වයට පත්කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම් 38 ක් අත්සන් කර තිබෙනවා.
එහිදී බලාපොරොත්තු වන්නේ 2019 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කරගැනීමයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ බිලියන 02ක් වන ඖෂධ නිෂ්පාදනය බිලයන 04 දක්වා වර්ධනය කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.
ඒ සඳහා නව නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්ද මේ වනවිට ඉදිවෙනවා. නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම තුළින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ලාභය රුපියල් බිලියන 05 දක්වා වැඩි කිරීමට අවස්ථාව සැලසෙනවා.”