SP 14 කට SSP තනතුරු
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2014 පෙබරවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පොලිස් අධිකාරී තනතුරේ සේවය කළ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සේවය කරන පොලිස් අධිකාරී කේ.වී.ඒ.ජේ. කරවිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පී.කේ.ඩී.ප්‍රියන්ත, වි.ජී. චන්ද්‍රසිරි, මාන්කුලම කොට්ඨාසයේ සේවය කරන පී.අයි.ඩී.ආර්. විජේසිංහ, බණ්ඩාරවෙල කොට්ඨාසයේ සේවය කරන පී.එම්.එච්.බී. සිරිවර්ධන, මහනුවර කොට්ඨාසයේ පොලිස් අධිකාරී ලෙස සේවය කරන යූ.පී.ඒ.වී.කේ.පී. කරුණාරත්න, අනුරාධපුර කොට්ඨාසයේ එස්.ඩබ්ලිව්.සේනාරත්න, තංගල්ල කොට්ඨාසයේ එම්.එන්. සිසිර කුමාර, විශේෂ කාර්යාංශයේ ටී.සී.ඒ. ධනපාල, පොළොන්නරුව කොට්ඨාසයේ පී.ඒ.එන්.එල්. විජේසේන, විශේෂ කාර්ය බළකායේ ඩබ්.එස්.ඊ. ජයසුන්දර, මාතලේ කොට්ඨාසයේ ඒ.පී.ජේ. චන්ද්‍රකුමාර හා කංකසන්තුරේ කොට්ඨාසයේ සේවය කරන එච්.එන්.කේ.ඩී. විජයසිරි මහත්වරු මෙලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලබාදී ඇති පොලිස් අධිකාරීවරු වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
