සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම වෙන් වූ ලැයිස්තුගත පුවරුවක් සකස් කිරීමට මේ දිනවල සාකච්ඡා සිදුවෙමින් පවතින බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ප්‍රකාශ කරයි.
දැනට කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට කොළඹ කොටස් වෙළෙඳ පොළට එක්වීම සඳහා ඉදිරිපත් කර තිබෙන දිරිසවි පුවරුවට අමතරව මෙම හඳුන්වාදීම සිදුකරන බව ඔවුන් පෙන්වා දෙයි. එමගින් දිරිසවි පුවරුවටත් වඩා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සෙත සැලසෙන ලැයිස්තුගත කිරීමේ ක්රමේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ.
මෙම කරුණු ඉදිරිපත් වූයේ අද (05දා) කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් එක්ව සංවිධානය කළ නිකුතු සම්බන්ධතා පිළිබඳ දැනුවත් කරන ලද වැඩමුළුවකදීය.
ඡායාරූපය - ඒෂාන් ප්‍රනාන්දු