ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන ආයතන වෙත තේරී පත්වූ සභිකයන්ට කොන්ත්රාත් ගැනීම තහනම් බව හිටටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
වත්තල මහගරම හා බදුල්ලේ සභිකයන් දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
“ඔයාලා ක්රියාකාරණ ආකාරයට තමයි, පළාත් සභා, ජනපතිවරණ්ය හා මහ මැතිවරණය තීරණය වන්නේ. දැන් ආණ්ඩුව තියෙන්නේ අපේ පැත්තේ නෙමෙයි. එතකොට ආණ්ඩුවේ තියෙන ආයතන FCID වේවා CID වේවා පොලීසිය ඔය සියලු කොමිෂන් සභා ඔයාලා කරන හැම ක්රියාවක් ගැනම අවධානයේ ඉන්නේ.
සභාවෙන් මුදල් හොයන්න කොන්ත්රාත් කරන පටන් ගත්තොත් ඒ තමයි අවසානය. අපේ පක්ෂය කොන්ත්රාත් ගැනීම තහනම් කළා. මන්ත්රීවරුන්ට, සභාපතිවරුන්ට තමන්ට සභාවෙන් ලාභ ලබාගන්න බෑ”