SLINEX 2015 සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ත්‍රිකුණාමලය මුහුදේ පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය SLINEX 2015 ඊයේ (01දා) නිමාවට පත්විය. කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාමටඅවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගැනීමට මෙන්ම පුහුණු හැකියාවන් වර්ධනය කරගැනීමට දෙරටෙහි නාවික හමුදාවන්ට මෙම සාගරික අභ්යාසයමගින් පුහුණුව ලබාදුනි.
අවසන් දින වූ ඊයේ දිනයේදී නෞකා අභ්යාසයටනෞකාවන් කණ්ඩායම් වශයෙන් හැසිරවීම අභ්‍යාස, වෙඩි තැබීමේ අභ්‍යාස, හෙලිකොප්ටර් යානාවක් මගින් නෞකා අතර භාණ්ඩ හා පුද්ගලයන් හුවමාරු කිරීමේ අභ්‍යාස, නෞකාවකට ප්‍රවිෂ්ටවී සිදුකරන සෝදිසි කිරීම් හා අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අභ්‍යාස හා සන්නිවේදන අභ්‍යාසයන් ක්‍රියාත්මක විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහත්වරු ඇතුළු විශාල පිරිරසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

