එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කළ ගිවිසුමේ කාලය පසුගිය දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වී ඇති හෙයින් ගෙවුණ දින තුනක කාලයක සිට අමාත්‍යධුර සියල්ල නීත්‍යනුකූල නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා අද (03දා) පැවසීය.
මේ ආකාරයෙන් නීත්‍යනුකූල නොවන, ව්‍යවස්ථා විරෝධීව සිටින අමාත්‍යවරුන්ට වැටුප් ගෙවන රාජ්‍ය නිලධාරීන්ට බරපතළ වගකීමක් පැවරෙන බවත්, මීට විරුද්ධව එකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට හා සියලු නෛතික ආයතන හමුවේ ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීමට බැඳී සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලෙසත්, රාජ්‍ය ධනය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආත්මගරුත්වය රැකගැනීම සඳහා මේ සම්බන්ධයෙන් කළ හැකි සෑම පියවරක්ම ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.