ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 94කට වැඩි පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකත්වය ඉල්ලා ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගෙන් අතිබහුතරයක් ඒ අතර සිටින බවත්, දුරබැහැර ප්‍රදේශවල සිට අයදුම්පත් යොමුකරන්නන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අයදුම්පත් බාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 31 වනදා දක්වා දීර්ඝ කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම ස`දහා සම්පූර්ණ කරන ලද අයදුම්පතක් 1316, නෙ`ඵම් මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයට (ලියාපදිංචි තැපෑලෙන්) යොමු කළ හැකි බවද හෙතෙම පැවසීය. එම ලිපිනයෙහි පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් හෝ 0112 866010 යන දුරකථන අංකය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.