බැඳුම්කර සිද්ධිය පිළිබඳව එ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නේ නීත්‍යානුකූල කෝප් කමිටුවේ සභාපතිතුමා විසින් ඉදිරිපත් කරන වාර්තාව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
පක්ෂය කිසිවෙකුත් ආරක්ෂා කිරීමට සහයෝගය ලබානොදෙන බවත්, අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු එම වාර්තාවට අනුව වරදක් සිදුවී තිබෙන්නේනම් ඊට අදාළ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගතයුතු බවද එම පක්ෂයේ මධ්‍යම කාරක සභික අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
අද (26දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මධ්‍යම කාරක සභික චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසුවේ බැඳුම්කර සිද්ධියේදී රටට පාඩුවක් සිදුවී තිබෙන්නේනම් එම පාඩුව අයකර ගැනීමට කටයුතු කළයුතු බවයි.