ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු 09 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (17දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලබාගෙන ඇත.
අම්පාර, කොළඹ, මාතර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 05 සඳහා මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු පත්කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
1. නලීන් ගුණසේකර මහතා - කොළඹ දිස්ත්‍රික්කය
2. මීරා ලෙබ්බේ රෙබුපාසම් මහතා - අම්පාර දිස්ත්‍රික්කය
3. නවනීදරාජා මහතා - අම්පාර දිස්ත්‍රික්කය
4. අයි.එච්. අබ්දුල් වහාබ් මහතා - අම්පාර දිස්ත්‍රික්කය
5. ටී. රෆයිඩීන් මහතා - අම්පාර දිස්ත්‍රික්කය
6. ප්‍රනීත් පද්මතිලක මහතා - මාතර දිස්ත්‍රික්කය
7. එම්.එච්.එම්. සකරියා මහතා - රත්නපුර දිස්ත්‍රික්කය
8. ආරියරත්න විජේවික්‍රම මහතා - (මහඔය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සදහා) - අම්පාර දිස්ත්‍රික්කය
9. සුජීව ගොඩලියද්ද මහතා - මාතලේ දිස්ත්‍රික්කය