වැඩ නොකරන සහ ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන සියලුම ආසන සංවිධායකවරුන් වෙනුවට පත් කිරීමට පක්ෂය තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා සඳහන් කළේය.
දැනටමත් ආසන සංවිධායකවරුන් 50 දෙනෙකු පත් කර තිබෙන බවත්, ඉදිරියේදී ඉතිරි ආසනවලටද එම ප්‍ර‘දේශවල ක්‍රියාකාරීව දේශපාලන වැඩ කටයුතුවල නිරත පිරිස් පත්කිරීමට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.