ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තාවකාලික නිලධාරී මණ්ඩලයක් ජූනි මස 3 වැනිදා පත්කර ගැනීමට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (17දා) තීරණය කර තිබේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනපති නිල නිවසේදී රැස්වූ අවස්ථාවේදීය.
ජූනි 03 දා පක්ෂයේ විධායක සභාව රැස්වී තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමටත් දෙසැම්බර් 02දාට පෙර පක්ෂය පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කිරීමටත් මෙහිදී තීරණය කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුත බවට වන යෝජනාවක් හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එය තීරණය කළ යුත්තේ ආණ්ඩුවේ රැදී සිටින අමාත්‍යවරුන් 23 දෙනා බවටද මෙහිදී තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සැප්තැම්බර් මස 02 දා පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත.