ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ ශ්‍රී.ල.නි.ප.ය ජයග්‍රහණය කරවීම සඳහා සෑම ග්‍රාම නිලධාරී වසමකට ශ්‍රී.ල.නි.ප. තරුණ බලමණ්ඩල පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.
1995 වසරේදී අවසන් වරට ශ්‍රී.ල.නි.ප. තරුණ බලමණ්ඩ ආසන මට්ටමින් පිහිටවූ බවත්, එහෙත් ගම් මට්ටමින් පත්වන තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබාදී ශ්‍රී.ල.නි.ප. බිම්මට්ටම ශක්තිමත් කිරීම සඳහා සෑම ග්‍රාම නිලධාරී වසමකම තරුණ බලමණ්ඩල පිහිටුවීමට තීරණය කර තිබෙන බවත් එම සංගමයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.