ගාලු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු 10 දෙනාගෙන් තිදෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපන පවත්වන මැයි රැළියට එකවෙන බව වාර්තාවෙයි.
බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගිතා කුමාරසිංහ, අක්මිමන සංවිධායක රමේෂ් පතිරණ, රත්ගම සංවිධායක මොහාන් පි ද සිල්වා යන අය මෙසේ නිදහස් පක්ෂ මැයි රැළියට නොයා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට යාමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් දුමින්දි දිසානායක මන්ත්‍රීවරයා පැවැසුවේ නිදහස් පක්ෂය ගාල්ලේ සංවිධානය කරන මැයි රැළියට නොඑන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
රවීන්ද්‍ර ලියනගේ