පක්ෂයක කණ්ඩායම් තිබිය හැකි වුවද කණ්ඩායම්වල පක්ෂ තිබිය නොහැකි බවත්, ඒකාබද්ධ විපක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස පිළිගනිමින් සන්ධානය කැඩීමේ පාපයට තමන්ට සම්බන්ධ විය නොහැකි බවත් කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එසේම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් කණ්ඩායමට සභාව ඇමතීමට ලබාදෙන කාලයෙන් ප්රයෝජන නොගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා අද (09දා) පැවසීය.
අද දිනයේදී සභාව ඇමතීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට විනාඩි 40ක්ද, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ට විනාඩි 41ක්ද ලබාදී තිබුණද එම පාර්ශ්වයෙන් කිසිදු කථිකයෙකු ඉදිරිපත් කර නැතැයි ජයසූරිය මහතා ප්රකාශ කළේය.