“අපේ ආණ්ඩුවක් හදන්න පුළුවන් අපිට එකතු වුණොත්. ඒ පිළිබඳව අපි සාකච්ඡා කර තියෙනවා. තවමත් සාකච්ඡා යනවා. වැඩපිළිවෙළක් තියෙනවා. තාම ඒ සාකච්ඡා ජයග්‍රහණය කරන්න බැරි වුණා” යැයි වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.
ගාල්ලේදී ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ 2020 දීත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිතිවරයා ජනධිපති පුටුවේ වාඩි වෙන එක ස්ථිරයි. මහින්ද රාජපක්ෂ මහත්මයාටත් 2020 නැවත අගමැති පුටුවේ වාඩිවෙන්න අවස්ථාව තියෙනවා. 2020 දී රනිල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදනව ද මහින්ද මහත්මයා අගමැති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා ද කියන එක තීරණය වෙන්නේ අපේ අසමගිය මතයි.
දැන් වුණත් අපිට අපේ ආණ්ඩුව හදන්න පුළුවන් අපි එකතු වුණොත්. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. තවමත් සාකච්ඡා යනවා. වැඩපිළිවෙළක් තියෙනවා. තාම ඒ සාකච්ඡා ජයග්‍රහණය කරන්න බැරි වුණා. 66 වන සංවත්සරය සාර්ථක වුණා වගේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් හොඳ තීන්දුවක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා
අපි සාර්ථක සම්මේලනයක් පැවැත්වුවා. ඒ වගේම කියන්න ඕන අපේ පක්ෂයේ තියෙන මේ අසමඟිය නැති කරගත්තෝතින් ඊටත් කලින් අපිට මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති පුටුවේ වාඩි කරවන්න පුළුවන් වෙයි. මේකට ඉවසීමෙන් වැඩ කරගන්න ඕන. අපි 2015 දී පැරදුණා.
නමුත් අපි අපේ පරාජය යම්තාක් දුරට සමනය කරගත්තා යහපාලන ආණ්ඩුව තුළින්. අපේ පාක්ෂිකයන්ට යම් සාධාරණයක් ඉෂ්ට වෙනවා. අපේ පාක්ෂිකයන්ට මේ ආණ්ඩුවෙත් ප්රතිලාභ තියෙනවා. බැඳුම්කර වංචාව වගේ ඒවා මේ රටේ තව වෙලා තියෙනවා. මෛත්‍රී ජනාධිපතිවරයා ඒ සඳහා කොමිසම දාන්න පසුබට වුණේ නෑ.”
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්