එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන ආණ්ඩුවේ සිටිනතුරු ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා නොකිරීමට ඒකාබද්ධ විපක්ෂය අවසාන වශයෙන් ඊයේ (06දා) තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඊයේ (06දා) සවස රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම මෙම තීරණය ගත් බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා,
“ මෙම සාකච්ඡාවේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ගැන අවධානය යොමුවුණා. ඒ අනුව සියලුම මන්ත්රීවරුන්ගේ තීරණය වුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වෙනකම් සාකච්ඡා ඉදිරියට ගෙනයෑමේ තේරුමක් නැති බවයි.
මේ මැතිවරණය දේශපාලන පක්ෂවවල පුද්ගලික ඡන්දයක් නෙමෙයි මේ මැතිවරණය ජනතාවගේ මැතිවරණයක්.එහිදී ආණ්ඩු විරෝධීව අප කටයුතු කළ යුතුයි.
ආණ්ඩුව සමග සිටින පිරිස සමග එකඟතාවකට පැමිණියහොත් ආණ්ඩු විරෝධී ඡන්ද අප සමග විරසක වෙන්න පුලුවන්. ඒ නිසා මින් ඉදිරියට මේ ගැන කතාකරන්න එපා කියලා මන්ත්රීවරු තිරණය කළා.“යනුවෙන් පවසා සිටියේය.