ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ඒකාබද්ධ විපක්ෂයේ අදහස්වලට එකඟවීමේ කිසිදු සූදානමක් නැති බව පෙනී යන්නේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (30දා) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “ ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් නැති බැවින් ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා කිරීමෙන් ඵලක් නැහැ.
ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කළ කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් මා එම ඇමතිවරුන් සමග සාකච්ඡා කරනු ලැබූ අතර එහිදී ඔවුන් පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් අතර කිසිදු එකඟතාවකට එළඹීමට හැකි වූයේ නැහැ.” යැයිද පවසා සිටියේය.